ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් දේශීය “ගොඩ වී” ප්‍රභේදයේ පූර්ණ ජීනෝමය අනාවරනය කර ගනියි

ජීනෝම  පර්යේෂණ ක්ෂේත්‍රයේ  වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් දේශීය ගොඩ වී   ප්‍රභේදයේ පූර්ණ ජීනෝමය අනාවරනය කර ගනියි

කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේනි  විද්‍යා ඒකකය (Human Genetics Unit) සහ ජෝන්  කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keelles Holdings) සමූහ ව්‍යාපාරය මගින් ස්ථාපිත කරන ලද ජෝන්  කීල්ස් පර්යේෂණ සමාගම  (John Keelles Research) එක්ව කරණ ලද පර්යේෂණ වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය වී ප්‍රභේදයක් වන “ගොඩ වී” හි ජීනෝමය (Genome) අනාවරනය කරගන්නා ලද බව අප සතුටින් නිවේදනය කරමු. ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් ගේ පුරෝගාමීත්වයෙන් ශ්‍රී ලාංකාව තුලදී සිදු කරන ලද ප්‍රථම ජීනෝම අනාවරනය මෙය වේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන විසින් ලබාදුන් අරමුදල්  භාවිතයෙන් 2014 දී මානව ප්‍රවේනි විද්‍යා ඒකකයේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ එකම ජීනෝම නිර්ණය කිරීම පහසුකම් සහිත විද්‍යාගාරය තුල මෙම පර්යේෂණ සිදු කරන ලදි. 2014 වර්ෂයේ දී ජෝන් කීල්ස් පර්යේෂණ සමාගම සමග ඒකාබද්ධව මානව ප්‍රවේනි විද්‍යා ඒකකයේ ස්ථාපිත කරනු ලැබූ සංශ්ලේෂක ජීව විද්‍යා පර්යේෂණ කණ්ඩායම මෙම පර්යේෂණ වැඩපිළිවෙල සිදුකරන ලදි. මහාචාර්ය වජිර දිසානායක MBBS, PhD, FNASSL (මානව ප්‍රවේනි  විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන අධීක්ෂක), ආචාර්ය සංජීව සිංහබාහු PhD (ප්‍රධාන විද්‍යාඥ), දිලිනි ගුණවර්ධන MSc (විද්‍යාඥ) සහ චතුර විජේසිංහ BSc (විද්‍යාඥ) මෙම කණ්ඩායමේ සාමාජිකයන්ය.

විද්‍යා තාක්ෂණ  හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාල යේ ජාතික ජෛවතාක්ෂණ කවුන්සිල යේ සහ ජාතික විද්‍යා පදනමේ  ජෛව තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය ද දරණ මහාචාර්ය වජිර දිසානායක මහතා මෙම  සාර්ථකත්වය පිළිබඳ මෙසේ  අදහස් දැක්වීය. “මෙම ශ්‍රී ලාංකීය විද්‍යා හා තාක්ෂණික ඉතිහාසයේ අද්විතීය සංධිස්ථානයකි. මෙමගින් ශ්‍රී ලාංකේය ජෛව විවිධත්වය මෙරට තුලදීම සංරක්ෂණය කිරීමට ඇති හැකියාව මැනවින් තහවුරුවේ. තවද මෙය දේශීය දැනුම සහ නවෝත්පාදනය මුල් කරගත් විද්‍යා ව්‍යවසායකත්වය මගින් සමුර්ධිමත් ශ්‍රී ලංකාවක්  බිහිකිරීමට අවශ්‍ය නව දොරටු විවර කරණු ඇත. මෙවැනි  පර්යේෂණ තුලින් ශ්‍රී ලංකාව තුල විද්‍යා උපාධිධාරීන් සඳහා නව රැකියා උත්පාදනය කරමින් බුද්ධි ගලනය සහ විද්‍යාවේදීන් විද්‍යා ක්ෂේත්‍රය ඇත හැර වෙනත් ක්ෂේත්‍ර කරා යොමු වීම සීමා කරගැනීමට ද නව අවස්ථා උදාවනු ඇත.”

ජෝන්  කීල්ස් පර්යේෂණ සමාගමේ ප්‍රධානී ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා මෙම සාර්ථකත්වය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය. “මෙම ජාතික වැදගත්කමකින් යුතු කර්තව්‍යයට දායක වීමට ලැබීම ගැන ජෝන්  කීල්ස් පර්යේෂණ සමාගම  නිහතමානී ලෙස ආඩම්බර වන අතරම මෙය අනාගතයේ නව වාණිජ යෙදවුම් සඳහා උපයෝගී කරගත හැකි බව මාගේ විශ්වාසයයි. සුවිශේෂී විද්‍යා පර්යේෂණ සිදු කිරීම මගින් ජාතික සංවර්ධනයට උර දීම සඳහා ශ්‍රී ලාංකීය විද්‍යාඥයින්  සතු සුවිශේෂී හැකියාවද මෙමගින් තහවුරු වේ.” ජෝන්  කීල්ස් පර්යේෂණ සමාගමේ මදුශානි කන්නන්ගර BSc මෙනෙවිය ද මෙම  කර්තව්‍යය සඳහා දායකත්වය සැපයිය.

මෙම අරමුණ සාක්ෂාත් කිරීම සඳහා දායකත්වය සැපයු බතලගොඩ වී පර්යේෂණ හා ප්‍රවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට PhD සහ විද්‍යාඥ ආචාර්ය කපිලසිරි උඩවලව PhD මහතා වෙත කෘතඥ පූර්වක ස්තුතිය පළකර සිටිමු.

දේශීය වී ප්‍රභේදයක් වන ගොඩ වී ශාකයේ පූර්ණ ජීනෝම අනාවරනය කිරීමේ වැදගත්කම

කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේනි  විද්‍යා ඒකකය සහ ජෝන් කීල්ස් පර්යේෂණ සමාගම අනුබද්ධව ඉහත සඳහන් වී ප්‍රභේදයේ පූර්ණ ජීනෝමය නිර්ණය කරන ලදී. ශ්‍රී ලාංකික විද්‍යාඥයන් විසින් පුරෝගාමීව ශ්‍රී ලංකාවේ දී සිදුකරන ලද ප්‍රථම ජීනෝම අනාවරණය මෙය වේ.

ජීනොම අනාවරණය යනු යම් ජීවියකුගේ වර්ණදේහ තුල ඇති නියුක්ලියෝටයිඩ පෙළගැස්ම විද්‍යාගාර පර්යේෂණ මාලාවක් මගින් එකවර නිර්ණය කිරීමයි.

මෙම ක්‍රියාවලිය මගින් ශාකයේ ජෛවීය ක්‍රියාකාරකම් සඳහා අදාල විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් වේ. මෙම අරමුණ ලඟාකර ගැනීම මගින් පහත සඳහන් විද්‍යාත්මක, ජාතික සහ වාණිජමය ප්‍රතිලාභ අත්කර ගත හැක.

විද්‍යාත්මක

  1. පුර්ණ ජිනෝම නිර්ණය හා ඒ සමගාමී ජාන ප්‍රකාශිත විශ්ලේෂණයනව ජාන,ජාන පිටපත් කිරීමේ සාධක සහ ජාන ප්‍රවර්ධක සොයා ගැනීම සඳහා වැදගත්වේ.
  1. පාරිසරික ආතතීන් දරාගැනීමේ හැකියාව,පලිබෝධ සහ කෘමිනාශක ප්‍රතිරෝධිතාව,ඉහල අස්වැන්නක් ලබාදීම වැනි සාධක වලට අදාල ජාන සලකුණු සහ ඒකීය නියුක්ලියෝටයිඩ බහුරුපිතාව නිර්ණය කිරීම,සම්ප්‍රදායික ශාක වැඩිදියුණුකිරීමේක්‍රමවලට වඩා කාර්‍යක්ෂම වන අතර එය ශාක අභිජනනය සහ අන්තර්ශාකිය ජාන හුවමාරුව විධිමත් කරයි.
  1. බොහෝ ශස්‍යවිද්‍යාත්මක ප්‍රභේද පාලනය බහුජාන ක්‍රියාවලින් මගින්සිදුවන මුත් ඒවායෙන් රූපානුදර්ශීයව සිදුවන බලපෑම ඉතා අල්ප වේ. ජීනොම නිර්ණය මෙවැනි ජාන  අනාවරනය කරගැනීමට උපකාරී වේ.
  1. ජීනොම නිර්ණය මගින් ජාන විකෘති නිරාවරනය කරනඅතරම අධික කාර්යක්ශමතාවයකින් සමාන්තර ලෙස ප්‍රවේනිදර්ෂ  නිර්ණය සදහා මෙම තාක්ෂනය අනුගත කල හැක.
  1. ජීනොමය දන්නා විට ඉල්ලකගතජීනොම සංස්කරණය පහසුවෙන් හා කාර්යක්ෂමවසිදුකරගත හැක.


ජාතික

  1. ගොඩ වී යනු දේශීය ලවණ ප්‍රතිරෝධී වී ප්‍රභේදහයක් වන අතර මානවප්‍රවේනි විද්‍යා ඒකකfයa සනස්ලේශක ජීව විද්‍යා කණ්ඩායමේ විද්‍යඥයින් පුරෝගාමීව ශ්‍රී ලංකාවේ දී සිදුකරනලද ප්‍රථම ජීනොම අනාවරනය මෙය වේ.
  1. ශ්‍රී ලංකාවේ විද්‍යඥයින් සහ විද්‍යාගාර පහසුකම් උපයෝගී කර ගැනීම තුලින් ජිනෝම නිර්ණය කිරීමට හැකි වීම ඒකදේශිකජෛව විවිධත්වය සංරක්ෂණය සදහා උපයෝගී කරගත හැක.

වාණිජ

  1. ආර්ථිකමය වැදගත් කමක් සහිත ශාක වලට අදාල ජාන හදුනා ගැනීම මගින් ඒවායේ

1  ඵලදාව සැලකිය යුතු ආකරයෙන් වර්ධනය කරගත හැකිවීම.

2  රෝග ප්‍රතිරෝධී තාව වර්ධනය කිරීම.

3  අධික නියන් සහ ලවණ තත්ව යටතේ වර්ධනය වීමට ඇති හැකියාව ඇති ප්‍රබේද වර්ධනය කීරීම.

4  පළිබෝධ සහ වල් පැළෑටි නාශක වලට ප්‍රතිරෝධී ප්‍රබේද වැඩි දියුණු කීරීම.

5  අස්වැන්න නෙලා ගැනීම සහ ඉන්පසු සිදුකරන අනෙකුත් ක්‍රියකාරකම් මැනිවින් කලමනාකරණය.

ආදී වැඩිදියුණු කිරීම්  සිදුකල හැක

  1. මෙම ක්‍රියාවලිය මගින් අත්පත් කරගත් දැනුම උපයෝගී කරගනිමින් ශාක මගින් ඖෂධ, බලශක්තිය (ජෛව ඉන්ධන)සහ වෙනත් වටිනා නිෂ්පාදන (උදා:තන්තු) වැඩි දියුණු කරගත හැක.
  1. ජීනෝම අනාවරණය මගින් ඉල්ලකගතජීනොම සංස්කරණ (Genome Editing)තාක්ෂණh භාවිතd lruzka,ශාක j,g msgia;r ජාන wdfoaශ(Genetic Modification) fkd‍කොට, ගුණාත්මක  බවින් වැඩ් ශාක වර්ග නිපදව්ය හැකිය. tfia ksmojQ ශාකජාන fjනස්කරන ලද ශාක ලෙස yeoskafjkafka ke; (Genetic Modified Plants). fuf,i kj ශාක ;smojSu u.ska ජාන fjනස්කරන ලද ශාකපිළිබඳj mj;sk rskd;aul wdl,am j,lajd .; yelsh.(උදා: Cibus වැනි ජෛව තාක්‍ෂණික සමාගම් ජීනෝම සංස්කරණ තාක්ෂණය උපයෝගී කරගනිමින් msgia;r ජාන wdfoaශ නොකොට වල්නාශක ප්‍රතිරෝධී “කැනෝලා” ප්‍රභේද නිශ්පාදනය කර බෙදාහරිනු ලබයි.)

clip_image001[2]

මානව ප්‍රවේනි විද්‍යා ඒකකfa සංශ්ලේශක ජීව විද්‍යා කණ්ඩායම: වමේ සිට දකුණට : චතුර විජේසිංහ (විද්‍යාඥ), දිලිනි ගුණවර්ධන (විද්‍යාඥ), ආචාර්ය සංජීව සිංහබාහු (ප්‍රධාන විද්‍යාඥ), මහාචාර්ය වජිර දිසානායක (මානව ප්‍රවේනි  විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන අධීක්ෂක)

clip_image002[2]

2014 මැයි 5 වනදා ජෝන් කීල්ස් පර්යේෂණ සමාගම සහ මානව ප්‍රවේනි විද්‍යා ඒකකය අතර ගිවිසුම අත්සන් කිරීම: පින්තූරය පෙන්නුම් කරන්නේ එවකට වෛද්‍ය පීඨ පීඨාධිපති සහ එවකට මානව ප්‍රවේනි විද්‍යා ඒකකfයa අධ්‍යක්ෂක මහාචාර්ය රොහාන් ජයසේකර මහතා සහ ජෝන් කීල්ස් සමූහයේ ආයතනික මුදල් හා උපාය මාර්ග ප්‍රධානී හා විධායක උප සභාපති ගිහාන් කුරේ අතර ගිවිසුම හුවමාරු කිරීමයි. වමේ සිට දකුණට ඡායාරූපයේ: මහාචාර්ය වජිර දිසානායක මහතා; මහාචාර්ය රොහාන් ජයසේකර මහතා; ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා (එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්), ගිහාන් කුරේ මහතා; ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා (ප්‍රධානී , ජෝන් කීල්ස් පර්යේෂණ සමාගම); මධුෂානි කන්නන්ගර මෙනවිය (පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාඥ – අණුක ජීව විද්‍යා, ජෝන් කීල්ස් පර්යේෂණ සමාගම).

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s